.webp)

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණෙන්නැයි නියෝග කරමිනි.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම 7 වැනි දිනට, අද සිදු කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ අදාළ නීතිඥවරුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් නිතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, මින් පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් සාක්ෂි දීමට අධිකරණයට කැඳවීම අවශ්‍යදැයි සලකා බලන ලෙසයි.
අද නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 370/5 වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට කැඳවීමට තීරණය කරන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති ප්‍රකාරව මියගිය පුද්ගලයා සහ නීතිඥවරුන් අතර හුවමාරු වූ අවවාද සහ තොරතුරු හෙළි නොකිරීමේ අයිතිය සාක්ෂිකරුවන්ට ඇති බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.
වැඩිදුර සාක්ෂි විමසීම ජුනි 5 වැනිදා යළි සිදු කිරීමට නියමිතයි.
