.webp)

එය මේ වන විට ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව සඳහන් කළේ ය.
මැද පෙරදිග කලාපයේ පවතින යුද උණුසුම් තත්ත්වය සහ ගෝලීය වශයෙන් මතුව ඇති අවිනිශ්චිතතා හමුවේ වුවද, මේ වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව සහ ස්ථාවරව පැවති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර වශයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙරට වාණිජ බැංකු සහ මුදල් සමාගම් මගින් ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය මේ වසරේ පළමු කාර්තුවේදී තවදුරටත් වේගයෙන් වර්ධනය වී තිබේ.
ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.
මේ වසරේ පළමු කාර්තුව අවසානයේදී බැංකු ක්ෂේත්‍රය ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 24.4% ක කැපී පෙනෙන වර්ධනයක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
2025 වසරේ පළමු කාර්තුව අවසානයේ මෙම වර්ධන වේගය 7.9% ක් වැනි අඩු මට්ටමක පැවතුණි.
මීට අමතරව, මෙලෙස පැහැර හරින ලද ණය වෙනුවෙන් වෙන් කර ඇති හානිපූරණ ආවරණ අනුපාතිකයද 54.1% සිට 59.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙය බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය තහවුරු කිරීමට ඉවහල් වන සාධකයක් බවයි
