නිදහස් අදහස් රැක්ක සිරස TV 28 වැනි සංවත්සරය වෙනුවෙන් ගම්මැද්දෙන් දුන්නු අපූරු තෑග්ග

by Staff writer 10-06-2026 | 10:43 PM

COLOMBO(News1st) - මැදිරිගිරිය දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයට සහ දිග්ගල්පුර ගම්මානයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පෙරණ පද්ධතිය අද(10) විවෘත කෙරුණා.

ගම්මැද්ද ව්‍යාපෘතියක් ලෙස අද(10) මෙය විවෘත කරුණේ සිරස TV 28 වැනි සංවත්සර සැමරුමට සමගාමීවයි.

ගම්මැද්ද එදා එලෙස මුල් ගල තැබුවේ පොළොන්නරුව මැදිරිගිරිය දිග්ගල්පුර ප්‍රාථමික විදුහලේ සිසුන්ගේ සිහිනයක් සැබෑ කරන්නටයි.

පාසලට පරිත්‍යාගයක් විදිහට ලැබුණු කුඩා ජල පෙරණයක් තිබුනත් ඒකත් තිබුණේ අක්‍රියව.

පාසලේ තියෙන ලිඳෙන් මෝටරයක් මගින් ජලය අරගත්තත් , ඒවා ලවණ අධික වීම නිසා බීමට සුදුසු වුණේ නැහැ.

ජල පෙරණයක් හොයාගෙන යනවා නම් මේ ගම්මානයේ ජනතාව කිලෝමීටර 05ක් විතර යන්න ඕනේ.

ඉතින් මේ දරුවන් වෙනුවෙන් ගම්මැද්දට ලැබුණු ඉල්ලීම යථාර්ථයක් කරන්න මූල්‍ය අනුග්‍රහය දුන්නේ බොරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ

අද(10) උදේ සුබ මොහොතින් අලුතින් ඉදිවුණ ජල පෙරණ පද්ධතිය සිසුන්ට තිළිණ වුණා.

ඒ අවුරුදු ගණනාවක් මේ පාසලේ දරුවන්ට තිබුණු ප්‍රශ්නයකට විසඳුම් දෙමින්.

මේ අවස්ථාවට කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, MTV ප්‍රධාන විධායක නිලධාරි යසරත් කමල්සිරි, ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සැපයූ මන්ද්‍රී අමරසිංහ, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් භාතිය විජයන්ත, News1st නාලිකා ප්‍රධානි සුරංග සේනානයක, සිරස TV ආගමික වැඩසටහන් අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බන්ඩාර ඇතුළු පිරිසක් සහභාගී විය.