.webp)

එහි පෝෂණ අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරායගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී එම එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන බවයි.
මෙම මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්රලේඛයකින් බල ගන්වා ඇති බවත් පාසල තුළ එහි කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන විදුහල්පතිවරයාට හා පාසල් බලධාරින්ට ලබාදී ඇති බවත් ඇය සඳහන් කළේ ය.
විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසුවේ, එම මාර්ගෝපදේශය අනුව ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ වන ආහාර පාසල් ආපන ශාලාවල අලෙවියට අවස්ථාව නොලැබෙන බවයි.
සිරුරට අහිතකර මේදය අඩංගු ආහාර, අධික ලුණු සහ කෘතීම රසකාරක අඩංගු ආහාර, සීනි අධික ආහාර, පෝෂණ ගුණයෙන් හීන කැලරි අධික ආහාර ඊට ඇතුළත්.
පාසල් සිසුන් අතර අධික ස්ථූලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවත් අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 17.4%ක් කාබනීකෘත බීම පරිභෝජනය සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුව බවත් ඇය සඳහන් කළේ ය.
