ව්‍යාජ ඩොලර් ජාවාරමක නිරත විදේශිකයින් 2ක් කොටු

ව්‍යාජ ඩොලර් ජාවාරමක නිරත වූ විදේශිකයින් දෙදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට..

by Staff writer 24-06-2026 | 10:40 AM

COLOMBO(News1st) - ව්‍යාජ ඩොලර් ජාවාරමක නිරත වූ විදේශිකයින් දෙදෙනෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හා 27 හැවිරිදි  ටජිකිස්ථාන ජාතිකයින් දෙදෙනකි.

ඔවුන් ඊයේ පස්වරුවේ උණවුටන යතුරු පැදි කුලියට දෙන ස්ථානයකට පැමිණ ඩොලර් 400ක් දි ශ්‍රි ලංකා මුදලින් රුපියල් 127,000ක් මාරු කර තිබේ.

පසුව එහි සිටි කාන්තාව ඒවා ඩොලර් ව්‍යාජ ඒවා බවට හඳුනාගෙන උණවටුන සංචාරක පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කළ විමර්ශනයකදී ගාල්ල ප්‍රෙද්ශයේ ලැගුම් හලක සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ඔවුන් සන්තකයේ තිබු ව්‍යාජ ඩොලර් 5,200ක් ද පොලිස් භාරයට ගැණුනි.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.