.webp)

ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි.
උදෑසන 9.45 ට පමණ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි රෝහිත රාජපක්ෂ ඉන් පිටව ගියේ අද පස්වරු 3 ට පමණයි.
මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි.
පොලිසිය පැවසුවේ, 2018, 2021 කාල සීමාවේ එම ආයෝජන සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක සඳහන්ව ඇති බවයි.
රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.
අල්ලස් කොමිසමට ලද පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනය ආරම්භ කර තිබේ.
