මුදල් වංචා කළ සැකකරුවෙකු ගල්ගමුවේදී අත්අඩංගුවට.

ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කල සැකකරුවෙකු ගල්ගමුවේදී අත්අඩංගුවට.

by Staff writer 29-06-2026 | 4:28 PM

COLOMBO(News1st) - ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු සම්බන්ධයෙන් පසුගියදා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

ඒ අනුව කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ආදායම් බදු ගෙවනු ලබන ආයතන වෙත දුරකතන ඇමතුම් ලබා දී, පුද්ගලික අවශ්‍යතාවයන් බවට පවසා මුදල් බැංකු ගත කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු මීට පෙරද මෙවැනි මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.