.webp)

මෙවර ලක්ෂ 15කට අධික සැදැහැවතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි, අපේක්ෂිතයි.
පොසොන් උත්සවයේ ආරක්ෂක හා රථවාහන රාජකාරි සඳහා 3,500 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර තිබේ.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇතිවිය හැකි අනතුරුව අවම කරගැනීමට වාහනයේ සහ එය පදවන්නාගේ යෝග්‍යතාව පිළිබඳ සැළකිලිමත්වන ලෙසයි.
මේ අතර, ජනතාව ජලය මගින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ජීවිතාරක්ෂකයින් 500 කට වැඩි සංඛ්‍යාවක් විශේෂ රාජකාරි සඳහා යොදවා ඇතැයි, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය පවසයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර සඳහන් කළේ, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර හා පොළොන්නරුව වැව් හා ජලාශ ආශ්‍රිතව එම පිරිස යොදවා ඇති බවයි.
ජීවිතාරක්ෂක නිලධාරින් යොදවා සිටින ස්ථානවල පමණක් දිය නෑමෙන් දිය අනතුරුවලින් ආරක්ෂා විය හැකි වේ.
මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද දිනයේ සියලු සුරාසැල් වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සියලු සුරාසැල්, ජූලි 2 වැනිදා දක්වා වසා තැබෙනු ඇති.
