.webp)

ඒ එම තොරතුරු මත පදනම්ව රෝගීන් රැඳී සිටින ප්‍රදේශ අඛණ්ඩව පවිත්‍ර කිරීමේ අරමුණින්.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ කපිල කන්නන්ගර පැවසුවේ මෙතෙක් එම තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෙත පමණක් ලබා දුන් බවයි.
නමුත් වැඩි වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හේතුවෙන්, ඔවුන් අවට පරිශ්‍ර පවිත්‍ර කිරීම අඛණ්ඩව සිදුවිය යුතු බැවින් රෝගීන්ගේ තොරතුරු මත පදනම්ව අදාළ පවිත්‍ර කිරීම් සිදුකිරීම එම ක්‍රියාවලියේ අරමුණ වේ.
මේ අතර එම පවිත්‍ර ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන්, ග්‍රාම නිළධාරීවරුන්, අදාළ ග්‍රාමය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඔවුන් අනුයුක්ත ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, සතියකට වරක් දැනුම් දිය යුතුයි.
එම මදුරු මර්ධන ක්රියාවලිය් දීර්ඝ කාලිය වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කරන බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
