.webp)
 (4)-619470.jpg)
ඒ නෝර්වේ කණ්ඩායම සමග පැවති සුපිරි 16 දෙනාගේ වටයේ තරගය පරාජය වීමත් සමගයි.
නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පැවති තරගය නැරඹීමට 80,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්වූහ.
උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය.
දෙවැනි අර්ධයේ ක්‍රියාත්මක වූ සුපිරි පාපන්දු ක්‍රීඩක අර්ලින් හාලන්ඩ් නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් ගෝල 2ක් රැස් කළේ ය.
ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ 10වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් මගින් නේමාර් බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් රැස් කළත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.
ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 2ට 1ක් ලෙස නෝර්වේ කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.
මෙම ජයග්‍රහණයත් සමගින් නෝර්වේ කණ්ඩායම 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වක්.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට බලයලත් විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලයට හිමිව තිබේ.
සියලු තරග සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි.
