කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමට සමුදෙයි.

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමට සමුදෙයි...

by Staff writer 21-07-2026 | 6:47 PM

COLOMBO (News 1st) - පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමෙන් සමුගන්නා බව නිවේදනය කළේ ය.

ඒ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

31 හැවිරිදි යුපුන් අබේකෝන් මීටර 100 සහ 200 ධාවන ඉසව්වලින් තරග කළේ ය.

එම ඉසව් දෙකේම ශ්‍රී ලංකා වාර්තාවලට හිමිකම් කියන්නේ ද ඔහුයි.

2022 බර්මින්හම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ඔහු දිනා ගත්තේ ය.

2019 කත්මන්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම මෙන්ම 2015 ලෝක යුද හමුදා ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමද යුපුන් දිනූ පදක්කම් අතරට ඇතුළත්.