.webp)

ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2024 අගෝස්තු මාසයේදී එම ගනුදෙනුව සිදුව ඇතැයි, විමර්ශනයේදී හෙළිව තිබේ.
රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ මුදල් ඇපයක් මත මුදාහැරුණු සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අකිල අමුණුගම කියා සිටියේ සිය සේවා දායකයා අදාළ මුදල් ආපසු පැමිණිලිකරුට ගෙවීමට සූදානම් බවයි.
අදාළ මුදල් වාරික වශයෙන් ගෙවීමට ඉඩ ලබාදෙන ලෙසත් සැකකරුට ඇප ලබා දෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පළමු වාරිකය ලෙස ලක්ෂ 10ක මුදලක් ලබන 22 වැනිදා පැමිණිලිකරුට ගෙවන ලෙස සැකකරුට නියෝග කළේ ය.
සැකකාර ආසන සංවිධායකවරයා, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකගේ සහෝදරයා ද වේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, හඟුරන්කෙත ප්‍රදේශයේදී.
ඒ, සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයක් වංචාකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකට අදාළවයි.
