.webp)
 (4)-620043.jpg)
මෙතෙක් ඉරානයේ වෙරළාශ්‍රිත නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කළ ඇමරිකාව අද ඉරානයේ ඉරාන්ශහර් ගුවන් තොටුපොළට, බන්ඩාර්-ඊ කමීර් නගරයේ පාලමකට මෙන්ම බන්ඩර් අබ්බාස්හී සන්නිවේදන කුළුණකට පහර දී ඇතැයි වාර්තා වේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයද, කුවේට් සහ බහරේනයට ප්‍රහාර දියත් කර ඇති අතර එම රටවල අනතුරු ඇඟවීමේ සයිරන්ද නාද කෙරිණි.
කෙසේ නමුත් ඇමරිකානු මධ්‍යම විධානය පවසන්නේ, ඉරානය ගල්ෆ් රටවලට එලෙස පහරදීමෙන් ඇමරිකානු හමුදා මෙහෙයුම්වලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.
අවශ්‍ය ඕනෑම මෙහෙයුමක් සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයින් 50,000ක් මැද පෙරදිග කලාපයේ සූදානමින් සිටින බවද, ඇමරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ ය.
