නුවරඑළිය තැපැල් කාර්යාලට වෙනසක්...

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහල විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක් ලෙස සංවර්ධනය කිරීම ඇරඹේ...

by Staff writer 17-07-2026 | 10:11 AM

COLOMBO (News 1st) - නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව පැවසුවේ, බිම් මහලේ තැපැල් කාර්යාල සේවා පවත්වාගෙන යන අතරතුර සංචාරකයින් ආගන්තුක සත්කාර සේවා පවත්වාගෙන යාමේ පහසුකම්ද ස්ථාපිත කරන බවයි.

යටත් විජිත යුගයේ ඉදිකළ යුරෝපීය ගෘහ නිර්මාණ ශෛලිය නිරූපණය කරන නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි එම සංවර්ධන කටයුතු සිදු කරන බව ඔහු පවසයි.