.webp)
 (16)-620185.jpg)
පොලීසිය පැවසුවේ අද (19) උදෑසන 6ට පමණ තුම්බෝවිල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවකට පහරදීමක් සඳහා පිරිසක් පැමිණ ඇතැයි, පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
ඒ අනුව, බොරලැස්ගමුව පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර, යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමට පොලීසිය උත්සහ දරා ඇත.
පොලිසිය ප්‍රකාශ කළේ, ඒ අවස්ථාවේ යතුරුපැදියේ පිටුපස සිටි සැකකරු තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහරදීමට තැත්කර ඇති බවයි.
පොලිස් නිලධාරීන් එහිදී වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
යතුරුපැදියේ පැමිණි අනෙක් සැකකරු මේ වන විටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
