.webp)
 (1)-620215.jpg)
විදෙස් මාධ්ය වාර්තා කළේ, ඊයේ (19) ඇමරිකාව ඉරානයේ ඉදිකෙරෙමින් පැවති න්යෂ්ටික බලාගාරයකටද පහර දී ඇති බවයි.
ඩාකෝවින් නැමැති අදාළ බලාගාරය ඉලක්ක කරගැනීම, ඉරානයේ සාමකාමී යටිතල පහසුකම්වලට එල්ල වූ භයානක තර්ජනයක් බව එරට නියෝජ්ය විදේශ අමාත්ය කසීම් ගරිබබාදි පවසයි.
අනාරක්ෂිතභාවය සහ අස්ථාවරත්වය ඉහළ යාමෙන් ඇතිවන ප්රතිවිපාකවලට ඇමරිකානු රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවද, ඔහු අවධාරණය කළේ ය.
මේ අතර සිදුවීම පිළිබඳ අදහස් දක්වමින්, ජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සඳහන් කළේ , අදාළ බලාගාරය ඉදිකිරීම්වල මුල් අවධියේ පවතින බවයි.
අවසන් වරට එය නිරීක්ෂණය කළ අවස්ථාවේදී එහි න්යෂ්ටික ද්රව්ය අඩංගු නොවූ බවත්, මේ හේතුවෙන් විකිරණ කාන්දුවීමේ අවධානමක් නොමැති බවත් ඔවුන් නිවේදනය කළේ ය.
