.webp)

පොලිසිය සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අදාළ සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අදාළ චීන ජාතිකයින් දෙදෙනා විමර්ශනවලින් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.
ඔවුන් ද පරිගණක අපරාධවලට සම්බන්ධ කල්ලියක සාමාජිකයින් වේ.
පසුගිය බදාදා රාත්‍රියේ කොළඹ වරාය නගරයේ පාලමක් මත චීන ජාතිකයින් තුන්දෙනෙකු මාලු අල්ලමින් සිටියදී, වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී, අත්පා ගැට ගසා, එක් අයෙකු පැහැරගෙන ගොස් තිබිණි.
පසුව, එම චීන ජාතිකයාගේ මළ සිරුර, ඇහැළියගොඩ, කරදන ප්‍රදේශයෙන් සොයා ගැණින.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, පිහි ඇනුම් හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවු හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.
ඔහුගේ මළ සිරුර චීන තානාපති කාර්යාලය හරහා චීනයට යැවීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා බව, පොලීසිය පැවසුවේය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය හාඕ සොන්ග් නැමැති අදාළ චීන ජාතිකයා පරිගණක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.
