ව්‍යාජ මූල්‍ය ආයතන පිළිබඳ අනාවරණයක්.

සමූපකාර නමින් පවත්වාගෙන යන ව්‍යාජ මූල්‍ය ආයතන පිළිබඳ අනාවරණයක්.

by Staff writer 30-07-2026 | 7:21 AM

COLOMBO(News1st) - සමූපකාර නම භාවිත කරමින් විවිධ පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම්, ව්‍යාජ මූල්‍යමය ආයතන පවත්වාගෙන යන බව, අනාවරණය වී තිබේ.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ පැවසුවේ, සමූපකාර ලියාපදිංචි කිරිමට අදාළ රෙගුලාසි භාවිත කරමින් ඒවා ලියාපදිංචි කර ඇති බවයි.

එවැනි ආයතන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සදහන් කළේය.