ඉදිරි කාලගුණය ගැන අනාවැකිය මෙන්න...

ඉදිරි කාලගුණය ගැන අනාවැකිය මෙන්න...

by Staff writer 04-08-2026 | 10:49 PM

COLOMBO(News1st) - කැළණි සහ කළු ගංගා ද්‍රෝණි සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද(04) පස්වරුවේ ඉවත් කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහවැලි ගඟ පේරාදෙණිය සිට නාවලපිටිය දක්වා තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බවයි.

මේ අතර, පවතින වැසි තත්වයේ අඩු වීමක් අද සහ හෙට දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ලබන 06 වැනිදා සිට යළි වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි.

අධික වැසි සහිත කාලගුණය හමුවේ හටගත් ආපදාවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ අතර, මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැන වූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්  බලාත්මකයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රදේශ සඳහා නායයාම් රතු නිවේදන නිකුත් කෙරුණි.

මේ අතර පවතින අධික වැසි හේතුවෙන්, හැටන් අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙටත් වසා දැමීමට තීරණය කර තිබේ.

කෙසෙවෙතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සෙසු පාසල් හෙට(04) සාමාන්‍ය පරිදි විවෘත කෙරෙනු ඇති.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සඳහන් කලේ , වැසි සමඟ අවශ්‍යතාවයක් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ අනුමැතියෙන් පාසල් වසා දැමීමට , විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.