මුහුද රළුවෙයි: ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්

මාතර සිට පොතුවිල් දක්වා මුහුදේ තවදුරටත් යාත්‍රා නොකරන්න, කාලගුණයෙන් උපදෙස්.

by Staff writer 09-08-2026 | 5:47 PM

COLOMBO(News1st) - මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු තවදුරටත් යාත්‍රා නොකරනැන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය , කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සඳහන් වේ.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන ධිවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.