තරගාවලි 4ක් වෙනුවෙන් රුමේෂ් තරංග දිවයිනෙන් පිටවයයි

තරගාවලි 4ක් වෙනුවෙන් රුමේෂ් තරංග දිවයිනෙන් පිටව යයි..

by Staff writer 19-08-2026 | 10:38 AM

COLOMBO (News 1st) - ස්විට්සර්ලන්තයේදී අනිද්දා (21) පැවැත්වෙන, ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ඊට අමතරව අගෝස්තු 27 වැනිදා ස්විට්සර්ලන්තයේ, සූරිච්හිදි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියටත් ඔහු සහභාගී වීමට නියමිතයි.

සැප්තැම්බර් 5වැනිදා බෙල්ජියමේදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයටත් ඔහු එක්වීමට නියමිතව තිබේ.

රුමේෂ් තරංග මේ වන විට හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයායි.