COLOMBO (News 1st) - තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමා තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම රීට් පෙත්සම මගින් ඉල්ලා තිබුණේ පාස්කු ප්රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමිනි.