.webp)
 (13)-625393.jpg)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, අඩිය බැගින් විවෘත කර ඇති එම වාන් දොරටු හරහා තත්ත්පරයට ඝන අඩි 1,400ක ජල ධාරිතාවක් මුදා හැරෙන බවයි.
දැදුරුඔය පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
