.webp)

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පැවසුවේ, ඒ සඳහා ඇය අද කොළඹ අක්ෂි රෝහල වෙත යොමු කෙරෙන බවයි.
ශිරන්ති රාජපක්ෂ මේ වන විට කාන්තා රැඳවුම් අංශයේ රෝගීන් රඳවන ස්ථානයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එමෙන්ම ඊයේ(08) වෛද්‍ය පරික්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක්ද ශිරන්ති රාජපක්ෂගෙන් ලබාගත් බව වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් පසුගිය 7 වැනිදා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණි.
ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
