.webp)
-625556.jpg)
2026 පළමු හා තෙවන කාර්තු සංසන්දනය කිරීමේදී, පළමු කාර්තුවේ සමස්ත වාහන සංඛ්‍යාව 34,284ක් වූ අතර, තෙවන කාර්තුවේදී එය 53,129ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, කාර්තු දෙක අතර වාහන සංඛ්‍යාවේ 54.97%ක වර්ධනයක් වාර්තා වී තිබේ.
වසරේ මුල් කාර්තුවේ දෛනික සාමාන්‍යය 380ක් වූ අතර, තුන්වන කාර්තුව වන විට එය 590ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෞද්ගලික වාහන භාවිත කරන ජනතාවට තම දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් තෝරා ගැනීමට අවස්ථාව සැලසී ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගීතාව තුළින් වඩාත් කාර්යක්ෂම, ජනතා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ප්‍රමුඛ අපේක්ෂාව බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.
