චාමර සම්පත් හෙට අල්ලස් කොමිසමට කැඳවයි..

චාමර සම්පත් හෙට අල්ලස් කොමිසමට කැඳවයි..

by Staff writer 11-10-2026 | 12:00 PM

COLOMBO (News 1st)  - 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට හෙට යළිත් කැඳවා තිබේ.

ඒ, සිදුකළ දැනුම් දීම අනුව, පසුගිය සිකුරාදා එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් ය.

පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබා ගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ඒම කැඳවීම සිදුකර ඇතැයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ ය.