.webp)

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළේ, ඇය වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමු කල බවයි.
ශිරන්ති රාජපක්ෂ විශේෂ ආරක්ෂාවක් යටතේ එහි රඳවා තැබීමට පියවර ගෙන තිබේ.
ජාතික අක්ෂි රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ඇය සාමාන්‍ය වාටුවකට මාරු කර තිබුණි.
ශිරන්ති රාජපක්ෂ පෙරේදා උදෑසන දක්වා රැදි සිටියේ කාන්තා රෝගීන් රඳවන ස්ථානයක බව ඔහු සඳහන් කළේ ය.
පෙරේදා පෙරවරුවේ අක්ෂි රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කර තිබේ.
එහිදි ඇයට ඖෂධ නියම කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් පසුගිය 7 වැනිදා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණි.
ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ය.
ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
