.webp)
-626474.jpg)
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග.එස්.බෝදරගම නියෝග කළේ , ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ද ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.
නාමල් රාජපක්ෂ, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන ආවා.
සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබද නියෝගය ප්රකාශයට පත් කරමින් ඇප ලබා දීමට සුවිශේෂි පිළිගත හැකි කරුණු නැති බැවින් එය ප්රතික්ශේප කරන බව මහේස්ත්රාත්වරයා කියා සිටියේය.
විමර්ශන ප්රගතිය පිළිබඳ කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ සහකාර නිතී අධ්යක්ෂවරිය කියා සිටියේ, ක්රිෂ් නඩුවට අදාලව එම සමාගමේ හිටපු සේවකයින් කිහිපදෙනෙකු ප්රකාශ ලබා දුන් බවයි.
එම සාක්ෂිකරුවන් මීට පෙර සිද්ධියට අදාලව ප්රකාශ ලබා දීමට බියක් දැක් වූ බව ඇය කියා සිටියේය.
ඇය පෙන්වා දුන්නේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් අනතුරුව ඔවුන් පැකිලීමකින් හා බියකින් තොරව ප්රකාශ ලබා දීම සිදු කළ බවයි.
