රඹුක්කන,පේරාදෙණිය,ගම්පොළ දුම්රිය ගමන් අත්හිටුවයි!

රඹුක්කන, පේරාදෙණිය හා ගම්පොළ අතර සියළු දුම්රිය ගමන් අත්හිටුවයි!

by Staff writer 23-10-2026 | 8:42 PM

COLOMBO(News1st) - රඹුක්කන , පේරාදෙණිය හා ගම්පොළ අතර සියළු දුම්රිය ගමන් හෙට සහ අනිද්දා අත්හිටුවා තිබේ.

ඒ , කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්‍රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමේ හදිසි ප්‍රතිසංස්කරණ හේතුවෙන්.

එම දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවාගත් මගී ජනතාවට එම මුදල් නැවත ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.