මුහුදුගිය ඉන්දීය ධීවර යාත්‍රා 30,000ක් යළි ගොඩබිමට

ඔර්නබ් සුළි කුණාටුව හමුවේ මුහුදු ගිය ඉන්දීය ධීවර යාත්‍රා තිස්දහසක් යළි ගොඩබිමට පැමිණෙයි.

by Staff writer 27-10-2026 | 9:49 AM

COLOMBO(News1st) - ඔර්නබ් සුළි කුණාටුව හමුවේ මුහුදු ගිය ඉන්දීය ධීවර යාත්‍රා 30,000කට වැඩි සංඛ්‍යාවක් යළි අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වරායන් වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

අන්ද්‍රා ප්‍රදේශ්හී දිස්ත්‍රික්ක 7කට රතු නිවේදන නිකුත් කර ඇති අතර අද(27) අළුයම එම ප්‍රාන්තයේ විසාකාපට්නම් නගරයට කිලෝමීටර 650ක් පමණ ගිනිකොන දෙසින් සුළිකුණාටුව ස්ථානගත වී තිබේ.

අද(27) හෙට(28) සහ අනිද්දා(29) යන දිනවල අන්ද්‍රා ප්‍රදේශ්, ඔඩීශා, සහ උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 5කට ඉන් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ පවසයි.

ඔර්නබ් මෙන්ම ඊසාන දිග මෝසම හේතුවෙන් තමිල් නාඩු ප්‍රාන්තයේද අධික වැසි ඇද හැලෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු දැනටමත් ආපදා සහන මෙහෙයුම් සඳහා ඉන්දීය රුපියල් කෝටි 27ක් යොදවා තිබේ.

එම ප්‍රාන්තයේ සහ ඔඩීෂාහී පාසල් වසා දැමීමටද බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.