නාමල් අනිද්දා(29) දක්වා රැඳවුම් භාරයේ

නාමල් අනිද්දා(29) දක්වා රැඳවුම් භාරයේ

by Staff writer 27-10-2026 | 2:38 PM

COLOMBO(News1st) - පාර්ලිමේන්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනිද්දා(29) දක්වා රැඳවුම් භාරයේ තැබීමට අධිකරණය අද නියෝග කළේය.

ඒ එයාර් බස් මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුවට අදාළව සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්තාවේදීයි.

නඩුවට ඉදිරිපත් කිරීම සඳහා අද(27) පෙරවරුවේ රක්ෂිත බන්ධානගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ එයාර් බස් ගණුදෙනුවේ අල්ලස් සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාගයටබ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය හිමිව ඇති බවයි.

නාමල් රාජපක්ෂට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ නාමල් රාජපක්ෂ හෙට(28) දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, අනිද්දා දක්වා රැඳවුම් භාරයේ තබන ලෙසයි.