.webp)
 (2)-626774.jpg)
බප්ටාලා සහ විසාකාපට්නම් පසුකරමින් සුළිකුණාටුව අන්ද්රා ප්රදේශ් ප්රාන්තය හරහා රට මධ්යයට ගමන් කරනු ඇති.
පවතින තත්ත්වය හමුවේ ආන්ද්ර ප්රදේශ් ප්රධාන අමාත්ය චන්ද්රබාබු නායිදු සඳහන් කළේ, විපතට පත්වන ජනතාව වෙනුවෙන් සහන කඳවුරු 2,100කට වැඩි සංඛ්යාවක් ස්ථාපනය කොට ආරක්ෂක අංශ ඇතුළු සහන සේවකයින් 6,000ක් අනියුක්ත කර ඇති බවයි.
එම ප්රාන්තයේ පුද්ගලයින් මිලියන 50කට වැඩි සංඛ්යාවක් ජීවත් වන බව විදෙස් වාර්තාවල සඳහන්.
දැනට ප්රාන්තයේ ගුවන් තොටුපොළ තුනක සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත.
ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ අද ප්රාන්තයේ පැයට කිලෝ මීටර 150ක පමණ ඉතා තද සුළං අපේක්ෂා කළ හැකි බවයි.
අසල්වැසි ඔඩීෂා ප්රාන්තයේද දිස්ත්රික්ක 16ක සියලු පාසැල් වසා දමා තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, ඔර්නබ් සුළිකුණාටුවත් සමග කාලගුණයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් හිමාලයා කඳු වැටියේ ඇතැම් ප්රදේශ තරණය කිරීමට බලපත්ර ලබාදීම අත්හිටුවීමට නේපාලය පවා පියවර ගෙන ඇති බවයි.
