.webp)
-626917.jpg)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය නඩු වාරයේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට අදාළව ගත යුතු ඉදිරි නීතිමය ක්රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බැවින් නඩුව කැඳවීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස නඩුව අද කැඳ වූ අවස්ථාවේ විමර්ශන නිළධාරීන් කියා සිටියේය.
කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩුව පෙබරවාරි 11 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.
එම නඩුවට ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝග නොතිබූ හෙයින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර නාමල් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
