.webp)

ඒ පොලිස්පතිවරයාගේ නියෝග අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපතිපතිවරයා ඊයේ (28) අත්අඩංගුවට ගත්තේ ය.
ඒ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසිනි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට මානව හිමිකම් කොමිසම හමුවේ අද (29) පෙනී සිටින්නැයි, දැනුම් දී ඇත.
එම කොමිසම සඳහන් කළේ, මියගිය සැකකරුගේ ඥාතීන්ගෙන්ද මේ වන විට ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි.
පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් මේවන විට විමර්ශන සිදුකරන්නේ, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයෙනි.
පොලිසිය පැවසුවේ, සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන්, හෝමාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් තුන්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පසුගියදා පියවර ගත්තේ ය.
එලෙස සේවය අත්හිට වූයේ හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ සහ දූෂණ මර්ධන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරුන් වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ සහ උප සේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපත්වරයෙකුගේයි.
හෝමාගම පොලීසිය විසින්, මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගත් 29 හැවිරිදි පුද්ගලයෙක් ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගියදා මිය ගොස් තිබිණි.
