කඩුගන්නාව නගරසභා සභාපතිගේ පහර දීමකින් අයෙක් රෝහලට

පහරදීමේ සිද්ධියකට කඩුගන්නාව නගර සභා සභාපති අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන

by Staff writer 30-10-2026 | 8:40 AM

COLOMBO(News1st) - කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා කළ බව කියන පහර දීමකින් පුද්ගලයකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, කඩුගන්නාව ඉලුක්වත්ත ප්‍රදේශයේදී පහර දීම සිදු ව ඇති බවයි.

වරිපනම්බදු ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පහර දීම සිදුව තිබේ.

පහර කෑමට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ගරාජ් හිමිකරුවෙක්.

ඔහු කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පේරාදේණිය රෝහලටත් පසුව මහනුවර ජාතික රෝහලටත් මාරු කර යවා තිබේ.

පොලීසිය පැවසුවේ, පහරදීමට සම්බන්ධ බව කියන කඩුගන්නාව නගරසභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්‍රියාත්මක බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු කඩුගන්නාව නගරසභාවේ බලය පිහිටුවනු ලැබුවේ සමගිජන බලවේගය ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් විසින්,

ඒ අනුව සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදි සභාපති ධුරයට පත් වූයේ ලක්ෂිත අබේරත්නයි.