දිස්ත්‍රික්ක 24කට අද(08) ප්‍රබල අකුණ...

දිස්ත්‍රික්ක 24කට අද(08) ප්‍රබල අකුණ...

by Staff writer 08-11-2026 | 3:18 PM

COLOMBO(News1st) - දිස්ත්‍රික්ක 24කට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ප්‍රදේශවලට අද(08) සවස හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

අනුරාධපුර , අම්පාර , කළුතර , කෑගල්ල , කිලිනොච්චි , කුරුණෑගල , කොළඹ , ගම්පහ , ගාල්ල , ත්‍රිකුණාමලය , නුවරඑළිය , පුත්තලම සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.

බදුල්ල , මඩකලපුව , මන්නාරම , මහනුවර , මාතර , මාතලේ , මුලතිව් , මොණරාගල , රත්නපුර , වව්නියා සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් සඳහා ද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.