.webp)

නොවැම්බර් මාසයේ මුල්දින 7 තුළ පමණක් වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 1,399 ක්.
ජූලි මාසයේ පමණක් මෙරටින් ඩෙංගු රෝගින් 29,964 දෙනෙකු වාර්තාවී තිබේ.
වැඩිම ඩෙංගු රෝගින් වාර්තාවී ඇත්තේ ගම්පහ, කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලින්.
දැනට හඳුනාගෙන ඇති අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස සංඛ්‍යාව 37 කි.
ඩෙංගු හේතුවෙන් මේ වසර තුළදී පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ පවතින වාතාවරණය හමුවේ අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.
කොට්ඨාශ 130ක පමණ මදුරු කීට ගණත්වයද වේගයෙන් ඉහළ යමින් ඇතැයිද, ඔහු පැවසුවේය.
