චාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්

by Chathurika Jayasundara 10-11-2026 | 10:09 PM

COLOMBO(News1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ,, පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ නඩුව අද කැඳවූවේය.

සිද්ධියේ සැකකාර චාමර සම්පත්ගේ හිටපු ලේකම් සුමතිපාල ලියනාරච්චි ද ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ලිඛිතව ඇප ඉල්ලීමක් සිදුකළ අතර සම්බන්ධයෙන්  පැමිණිල්ලේ විරෝධතා  ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දන්වා සිටියේය.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා පෙර නඩු දින ඉල්ලා තිබූ  ඇප ඉල්ලීමේ නියෝගය අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ශේප කළේය.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ලබන 12 වැනිදා  පාර්ලිමේන්තුවේ අයවැය කියවීම සිදුවන බැවින් තම සේවාදායකට එදිනට පාර්ලිමේන්තුවට ගෙන යෑමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අද දිනත් බන්ධනාගාරය තුළ බෝවන රෝගී තත්ත්වයක් පැවතීම හේතුවෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මගින් දන්වා ඇති බවයි.

ඉල්ලීම් කරන දිනට තව කල් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන  බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටි
යේය.

2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් පාර්ලිමේන්තු චාමර සම්පත් දසනායකට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව නඩුව පවරා තිබේ.