රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයි

රනිල් සහ සමන්ට එරෙහිව නඩුව නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 9 වනදා කැඳවයි

by Staff writer 11-11-2026 | 7:39 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 9 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

නඩුව අද කැඳවනු ලැබුවේ වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේයි.

සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කරමින් එංගලන්තයේ සංචාරයක් සිදු කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතුකළ සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නඩුව ගොනු කර තිබේ.