මුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

රුපියල් බිලියන 4 මුදල් වංචාවට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරු දෙදෙනා රිමාන්ඩ්.

by Staff writer 21-11-2026 | 8:43 PM

COLOMBO(News1st) - රුපියල් බිලියන 4ක පමණ මුදලක් වංචා කළ බව කියන පෞද්ගලික මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරුන් දෙදෙනා ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් දෙදෙනා අද(21) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින්

සැකකරුවන් මහනුවර හා කොහුවල ප්‍රදේශවල ආයතන දෙකක් පිහිටුවා පුද්ගලයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකගෙන් එලෙස මුදල් වංචාකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වනවිට මෙම වංචාවට අදාළව පැමිණිලිකරුවන් 2,500ක් පමණ ඉදරිපත් වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

වංචා කර ඇති මුළු මුදල නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා එම පෞද්ගලික ආයතන වල ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිසකගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය.

දිවයින පුරා එම මූල්‍ය වංචා ජාලය ක්‍රියාත්මක වී ඇති බවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.