.webp)
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි.
කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බව ඔහු පැවසුවේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි.
මේ අතර , පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.