6 හැවිරිදි දරුවෙකුගෙන් ගුරුවරියකට වෙඩි

අමෙරිකාවේ 6 හැවිරිදි දරුවෙක් පන්ති කාමරයේදී ගුරුවරියකට වෙඩි තියයි..

by Chathurika Jayasundara 07-01-2023 | 6:05 PM

 COLOMBO ( News 1st ) - 06 හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තැබීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පළමු ශ්‍රේණියේ පන්ති කාමරයක් තුළ ඇති වූ 
ආරවුලක් දුරදිග ගොස් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ 30 හැවිරිදි ගුරුවරිය මේ වනවිට රෝහලගතව ප්‍රතිකාර ලබන අතර, විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ, මෙය අහඹු අනතුරක් නොවන බව ය.

වෙඩි ප්‍රහාරය එල්ල කළ 06 හැවිරිදි දරුවා මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ

නමුත්, සිද්ධියෙන් පන්ති කාමරයේ සිටි සිසුන්ට අනතුරක් සිදුවී නොමැත. 

කෙසේ නමුත් මෙම දරුවාට අදාළ දරුවා ගිනි අවියක් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.