.webp)
COLOMBO (News 1st) – වෙඩි වැදුණු සීතා ඇතින්නට අඛණ්ඩව ප්‍රතිකාර කෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් නොමැති බවයි.
මහරගම සීතා ඇතින්න වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පෙරේදා අලුයම මහියංගනය රජමහා විහාරස්ථානයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේ විදී සංචාරය කිරීමෙන් අනතුරුව පුද බිමේ දම් වැල් දමා බැඳ සිටි අතරතුරයි.