.webp)
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුවලට අදාළව විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ කාරක සභා හමුවට ගෙන ඒම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් පළ වී ඇති අදහස් පිළිබඳව එංගලන්තයේ හා වේල්සයේ නීතිඥ කවුන්සලය අද (18) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එංගලන්තයේ හා වේල්සයේ නීතිඥ කවුන්සලය යනු 16000 කට අධික වෘත්තීය නීතිඥවරු පිරිසකගෙන් සැදුම්ලත්, මහජන අයිතීන් ආරක්ෂා කිරීමේ සහ නීතිය බලගැන්වීමේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම නීතිඥ සංවිධානයකි.
පළාත් පාලන මැතිවරණයට අදාළව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවන්නේ දැයි සොයන තෙක් ඡන්දයේ ඉදිරි පියවර නොගත යුතු බවට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමේ සිද්ධිය ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් සිහිපත් කරයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ "අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකම" සහ "අධිකරණ ක්‍රියාවලියට නුසුදුසු හෝ අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු නොකළ යුතු බව" අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද මූලික මූලධර්ම බවයි.
“ස්වාධීන අධිකරණයක් යනු නීතියේ ආධිපත්‍යයේ අත්‍යවශ්‍ය සහ අනිවාර්ය අංගයක් බවට එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ කවුන්සිලයේ සභාපති නික් විනෙල් කේසී කළ ප්‍රකාශය ද මෙම නිවේදනයෙහි දක්වා තිබේ.