.webp)
COLOMBO (News 1st) – රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඊයේ (17) වරෙන්තු නිකුත් කළේ ය.
ඒ , යුක්‍රේනයේ රුසියානු පාලනයේ ඇති ප්‍රදේශවල දරුවන් නීති විරෝධී ලෙස රුසියාවට රැගෙන ගොස් ඇති බවට චෝදනා කරමිනි.
නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ, භාරකරුවන් නොමැති දරුවන් ආරක්ෂා කිරීමේ මානුෂීය අරමුණින් ඔවුන් දරුවන් රුසියාවට රැගෙන ගිය බවයි.
රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමග යුක්‍රේනයේ දරුවන් 16,000කට වැඩි පිරිසක් රුසියාවට අනවසරයෙන් රැගෙන් ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.