පුටින්ට එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්ට එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර

by Staff writer 18-03-2023 | 7:06 PM

News 1st - රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රුසියානු ජනාධිපතිවරයා පැහැදිලිවම යුධ අපරාධ සිදු කර ඇති බවය.

ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊයේ (17) වරෙන්තු නිකුත් කළේ ය.

ඒ, යුක්‍රේනයේ රුසියානු පාලනයේ ඇති ප්‍රදේශවල දරුවන් නීති විරෝධී ලෙස රුසියාවට රැගෙන ගොස් ඇති බවට චෝදනා කරමිනි. 

නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ, භාරකරුවන් නොමැති දරුවන් ආරක්ෂා කිරීමේ මානුෂීය අරමුණින් ඔවුන් දරුවන් රුසියාවට රැගෙන ගිය බවයි. 

රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමග යුක්‍රේනයේ දරුවන් 16,000කට වැඩි පිරිසක් රුසියාවට අනවසරයෙන් රැගෙන් ගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ. 

මේ අතර කළු මුහුදට ආසන්න ගුවනේ පියාසර කළ අමෙරිකානු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙළිමට කටයුතු කළ ප්‍රහාරක නියමුවන් දෙදෙනෙකුට රාජ්‍ය සම්මාන පිරිනැමීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.