ඉක්වදෝර භූ කම්පනයෙන් 12 මරුට

ඉක්වදෝර මුහුදු සීමාවේ භූ කම්පනයක් : 12ක් මරුට

by Staff writer 19-03-2023 | 10:43 AM

COLOMBO (News 1st) - ඉක්වදෝර මුහුදු සීමාවේ මැග්නිටියුඩ් ඒකක 6. 8ක භූ කම්පනයක් ඇතිවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට වේලාවෙන් මධ්‍යහන 12ට පමණ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි. 

ඉක්වදෝරයට කිලෝ මීටර 10ක් පමණ ඔබ්බෙන් සිදුවූ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් නිවේදනය කරයි.

පළමුවෙන් ඇතිවූ ප්‍රබල කම්පනයෙන් පසු තවත් පසු කම්පන දෙකක් ඇතිවී ඇති අතර අසල්වැසි පේරු රාජ්‍යයටද එහි බලපෑම දැනී ඇතැයි විදෙස් වාර්තා සඳහාන් කරයි.

භූ කම්පනයෙන් නිවාස, සහ ගොඩනැගිලි  රැසකට හානි සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නායයෑම් හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බවයි.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ආරම්භකර ඇත.