.webp)
COLOMBO (News1st): අඛණ්ඩව සය වැනි වතාවටත් ලොව සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්වී තිබේ.
වාර්ෂිකව නිකුත් කරන මෙම වාර්තාවට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගීතාව, ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය ආදී නිර්ණායක සලකා බැලෙනු ඇති.
ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වන්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඊශ්‍රායලය සහ නෙදර්ලන්තයයි.
රටවල් 137කින් යුතු මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.