ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කළ නෞකාවක ගින්නක්

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කළ බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක්

by Staff writer 20-07-2024 | 11:59 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගින්නක් හටගෙන තිබේ. 

එන්. ඩී. ටී. වී නාලිකාව වාර්තා කළේ, ඉන්දියාවේ ගෝවා සිට නාවික සැතපුම් 102ක් නිරිත දෙසින් වන ඉන්දියන් සාගරයේදී නෞකාව ගිනිගෙන ඇති බවයි. 

ගින්න පාලනය සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත. 

ඒ සඳහා ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද යොදාගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.