.webp)
COLOMBO (News 1st) – වැඩ තහනමට ලක්ව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු නැවත සේවයේ පිහිටුවා ඇති බවයි.
2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා, ත්‍රස්ත විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී නාලක ද සිල්වා මහතා, වැඩ තහනමට ලක් කළේ ය.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ය.